නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා පත්වූ සභාපතිවරුන් උපසභාපතිවරුන් ඇතුළු සභිකයන් හට පළාත් පාලන නීතිය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නුවරඑළිය නගර ශාලාවේදී පවත්වා තිබෙනවා.
මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුව මෙහෙයවීමේන පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර මෙහිදී පලාත් පාලන නීතිය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විගණකාධිපති කාර්යබාරය, පලාත් සභාව හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය බාරය සම්බන්ධයෙන් පිරිස දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.
මෙම වැඩමුළුව සඳහා නුවරඑළිය මහ නගර සභාව, හැටන් දික්ඔය හා තලවාකැලේ – ලිඳුල නගර සභා, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත, අඹගමුව, කොටගල, මස්කෙළිය, නෝර්වුඩ්, ආගරපතන යන ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.