හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා නියෝග කලේ ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා අදාළ පුද්ගලයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද නෙවිල් වන්නිආරච්චි මහතාව අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුවයි ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුනේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අල්ලස් කොමිසමට අද පැමිණ තිබුනා.
විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහායි .
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන වත්කම් විමර්ශනයකට අදාළව සහය නොදීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා
අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබුණා.