
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවුයේ, පෙර සංචිතය සඳහා උප නායකයා ලෙස නම් කළ චරිත් අසලංකටයි. තරගාවලියේ පළමු තරගය එළඹෙන 15 වැනිදා පැවැත්වෙනවා.













