ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සහභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළත් වනවා.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා කරුණු 10කින් යුත් නිර්දේශ මෙම කමිටුව විසින්ඉදිරිපත් කර තිබෙනවා.
එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම, එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වීමද මෙයට ඇතුලත් .
ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් වීම එම නිර්දේශවලට ඇතුළත්.
වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබන අතර මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවාගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4000ක හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇති.
බඳවා ගන්නා සෑම දේශිය සිවිල් වෛද්‍ය සිසුන් කණ්ඩායමකම සියයට 10ක ප්‍රතිශතයක් පූර්ණ ශිෂ්‍යත්ව මත බඳවාගැනීමට කටයුතු කරනු ලබන අතර එම සිසුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තෝරා ගැනීමට නියමිතයි.