අල්ලස් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වී ඇති බවයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සදහන් කළේ.
ඒ අනුව මෙම නව අධිකරණයන්ගේ පළමු අධිකරණය එළඹෙන සතියේදී ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
මෙම අධිකරණ දෙක පිහිටුවීමත් සමග අල්ලස් නඩු ඉක්මනින් විභාග කර, වරදක් කර ඇත්නම් අවශ්‍ය දඬුවම් නියම කිරීමට හැකියාව ලැබෙන බවයි අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.
උණුසුම් පුවත්
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්













