බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි.
දිවයිනේ ඇතැම් ස්ථානවල මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.