Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට

    අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට

    2026-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෞද්ධ චීවරය ආයුධයක් කරගනිමින් වන විනාශය, පහර දීම් , බැන වැදීම් සහ ප්‍රචන්ඩත්වය මැද කෙරෙණ භාවනාව කුමක්ද..? මේ දේශපාලන හයිය කාගේද..? – ඇටඹගස්කඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ විහාර වාසී පුජ්‍ය පාද උපුල්වැහැර ධම්මානන්ද හිමි ප්‍රමුඛ ගම්වාසීන් බලධාරින්ගෙන් විමසා සිටිනවා.

    වන විනාශයක් සමග අසපුවක් මුල්කර ගනිමින් මැදවච්චිය ඇටඹගස්කඩ ගම්මානයේ විසදුමක් නොමැති ගැටලු රාශියක් පිළිබඳ මාධ්‍ය වෙත කරුණු අණාවරණය කිරීමට එම ගම්මානයේ පිහිටි ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ විහාර වාසී පුජ්‍ය උපුල්වැහැර ධම්මානන්ද හිමි ඇතුලු ගම්විසීන් පිරිසක් අද(26) එම විහාරස්ථානෙය් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා.

    මෙම විහාරයට අයත් දායක පවුල් 310ක් මෙම ගම්මානයේ ජීවත්වන අතර මේවන විට ගම්මානයට අයත් ඇටඹගස්කඩ, මහමීගස්කඩ, නීරව්ව රක්ෂිතයේ අක්කර 45 ක් පමන අනවසරයෙන් මෙම අසපු හිමිවරුන් එළිකරමින් තිබෙන බවත් එයට නීතිය ක්‍රියාත්මක නොවුන බවත් එහිදී මහා සංඝරත්නය ප්‍රමුඛ ගම්වාසීන් අණාවරනය කර සිටියා.

    එමෙන්ම කුඹුරු අක්කර 150 කට යාමට ඇති එකම කෘෂි මාර්ගයද මේවන විට මෙම අසපුවේ චීවරධාරි භික්ෂු පිරිස් විසින් ගම්මානයේ ගොවීන්ට යාමට නොදී ගොවීන්ට පහර දීම් සිදුකර බිය වද්දවා මාර්ගය වසාගෙන ඇති බවද පවසනවා.

    මෙම අසපුවේ චීවරධාරි භික්ෂුන් ඒ පිළිබඳ සොයා බැලීමට ආ රාජ්‍ය නිලධාරින්ට බැන වැදිමින් ගම්වාසීන්ට පහර දී ප්‍රාදේශීය ලේකම්වරියත් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ඔවුනට අවනත නොවුන නිසා ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බවටද ගම්වාසීන් ප්‍රකාශ කරනවා.

    රාජ්‍ය නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් මේවන විට මෙම ආරාණ්‍ය පිහිටි රක්ෂිත ප්‍රදේශයට බලපත්‍ර නොමැති බවත් එය ලබා ගැනීමේ අරමුණින් සාමාන්‍ය විදුලිය ආරාණයට තිබුණද වැඩි ධාරිතාවකින් ට්‍රාන්ස්පෝමරයක් රක්ෂිතයට ඇද ගැනීමට සැලසුම් කර ස්ථීරභාවය සටහන් කරමින් රක්ෂිතයේ හෙළිකළ ප්‍රදේශවලට බලපත්‍ර ලබා ගැනීමට සැලසුම් කරන බවද ගම්වාසීන් පවසනවා.

    එමෙන්ම එම චීවරධාරි භික්ෂුන් කියාගත් පිරිස විසින් නීරව්ව රක්ෂිතයේ කීර්ති ශ්‍රී මේඝවර්න රජුගේ සමයේ සිට තිබූ කටාරම් සහිත පුරාවිදයා ගල් කඩා කැනීම් කර ඇති බවද එම පිරිස පවසනවා.

    තවත් ගම්මානයේ පිරිස් මේ හේතුවෙන් මුහුණ පා ඇති ගැටලු රැසක් එහිදී අනාවරණය කිරීමට කිරීමට එම පිරිස සමත් වුණා.

    ඒ අනුව ඇටඹගස්කඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ විහාර වාසී පුජ්‍ය පාද උපුල්වැහැර ධම්මානන්ද හිමි ප්‍රමුඛ ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ අවධානය යොමු කරමින් සිය ගම්මානයේ සිදුවන අක්‍රමිකතාව පිළබද නිසි නීතියක් ක්‍රියාත්මක කරන ලෙසයි.

    පෙර පුව​තඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
    ඊළඟ පුව​ත උතුරු මැදට සහ නැගෙනහිරට වැසි

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group