මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තුන්වන සාකච්ඡාව පවත්වා තිබෙනවා.
ඒ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් .
මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු අධ්‍යයනය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වුනේ.
ආගමික සංචාරකයින් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන වන්දනාකරුවන්ට වීසා ලබා ගැනීමේ දීර්ඝ ක්‍රියාවලිය නිසා ඇති වන ප්‍රමාදය පිළිබඳව ද සිවිල් සංවිධාන නායකයින් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළා.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව සමඟ සාකච්ඡා කර යෝග්‍ය විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී සදහන් කර ඇත්තේ.
ජාතික මිලාද්-දූන් නබි උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට බෝලාන මස්ජිදුල් අරුසියා ජුම්මා දේවස්ථානයෙදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













