පැවති සාකච්ඡා සාර්ථක බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට විදුලි සේවකයින් තීරණය කර තිබෙනවා .
ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කරන බවයි එම වෘත්තීය සමිති සදහන් කලේ .
මේ අතර පටු දේශපාලන අරමුණු ඇති පිරිසක් විදුලි බල මණ්ඩලයේ පුතිවූහගත කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා චෝදනා කරනවා .
පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකට එක වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වුනා .
පසුගිය හතර වනදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් .
21 වන දිනයටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත පිරිස පවසන්නේ මෙම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුලින් මහජනතාවගේ විදුලි බිලද ඉහල යන බවයි .
තම ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය දැනුවත් කිරීමටද මෙම වෘත්තීය සමිති පියවර ගෙන තිබුණා.
ඒ අනුව කම්කරු අමාත්‍යංශය ඔවුන්ට පවසා ඇත්තේ කම්කරු කොමසාරිස්වරයා , ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා සමග අද දහවල් සාකච්චාවකට පැමිණෙන ලෙසයි.
ඉන් අනතුරුව බලශක්ති අමාත්‍යවරයා , කම්කරු අමාත්‍යවරයා මෙන්ම කම්කරු කොමසාරිස්වරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා අතර තවත් සාකච්චාවක් පවත්වා මෙම ගැටළු සදහා විසදුම් ලබා දීමට නියමිතයි.