කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා අද වැඩ ආරම්භ කරනු ලැබුවා. කොටිකාවත්ත මුල්ලේරියාව
ප්‍රාදේශීය සභාව පරිශ්‍රයේදී කොඩි ඔසවා පහන් දල්වා ඉන් අනතුරුව අත්සන් කිරීමෙන් පසු එතුමන් වැඩ ආරම්භ කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගය විසින් බහුතරය දිනා ගැනීමට සමත් වුණා.