
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව, මෙරට කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් අද දින සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල තත්ත්වය අනුව තීරණ ගැනීමේ හැකියාව පවතින බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ. මේ අතර, ඉදිරියේදී පැමිණෙන ඕනෑම ආපදා තත්ත්වයකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුදානම් බව පෙර සුදානම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චතුර ලියනආරච්චි මහතා පවසනවා.














