ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබුණා.
මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැඳී සිටියදී හමුවී ඇති බවයි සඳහන්.
විදේශ අමාත්‍ය විජිත හේරත් සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වුනා.
උණුසුම් පුවත්
- අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි
- බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි
- විදේශ සේවා නියුක්ති කාර්යංශයන් ඉල්ලීමක්
- වන අලි ප්‍රහාරයකින් ගොවියෙකු ජීවිතක්ෂයට
- සජබ එජාප එකමුතුව ගොඩනගන්න සියලු දෙන එකමුතුව වැඩ කළ යුතුයි
- ගාසා සාම සමුළුව හෙට
- වැවි බැම්මේ මැරී සිටි මිනිහාට පන එයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවට