ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.
අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ජනාධිපතිවරයා එක්වුණා.
ඒ අනුව ඊයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් හමු වූ ජනාධිපතිවරයා දෙරට අතර වෙළෙඳපොළ විවිධාංගීකරණය සම්බන්ධයෙන් සහ නව උපායමාර්ග සැලසුම් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කරනු ලැබුවා.