රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතුව භූකම්පනයක් පිලිපීනයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇති අතර, පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක මූලික ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
එමෙන්ම භූකම්පනයේ අපකේන්ද්‍රය ඩාවෝ පළාතේ බකුලින් සිට කිලෝමීටර් 374ක් සහ ඩාවෝ නගරයේ සිට සැතපුම් කිලෝමීටර් 483ක් පමණ දුරින් පිහිටා ඇති බවත්, මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සුළු කම්පන වාර්තා වූ නමුත් විශාල හානියක් සිදුව නොමැති බවත් සඳහන්.