රජරට විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඉවත් කරන ලෙස එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
ඒ අතරතුර පාලක මණ්ඩලය කැඳවා උපකුලපතිවරයා තීරණය කර ඇත්තේ පරීක්ෂණ නිමවන තෙක් අදාළ අංශාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමටයි.
රජරට විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා අත්තනෝමතික ලෙස ක්‍රියාකරන බව පවසමින් ආචාර්යවරුන් පිරිසක් සේවයෙන් ඉවත් වී උපකුලපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වුණා.