සීගිරි කැටපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
එම තරුණිය අද දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය කර තිබෙන්නේ.
කොණ්ඩ කටුවකින් සීගිරියේ කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු හයක් ලියූ බවට සැකකපිට මෙම තරුණිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.