ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සවිකර ගන්නා කිමිදුම්කරුවන් උදෙසා හදිසි අනතුරු රක්ෂණයක් හදුන්වාදී තිබෙනවා.
ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගිනුයි.
මෙම හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය තම ජීවනෝපාය ලෙස කරදිය හා මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරත වන ධීවර ප්‍රජාව උදෙසා හදුන්වා දී තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන ඕනෑම හදිසි අනතුරක් සඳහා වන වන්දි මෙමගින් ආවරණය කෙරෙනවා.