ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබූ අතර ඒ හේතුවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයා ලෙස අහමඩ් වහිඩි පත්කර තිබෙනවා.
කෙසේවෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයාගේ මෙම පත් කිරීම තාවකාලික ආදේශකයක් බවයි.