හැටන් සිට ධාවනය වන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.
මෙම තත්ත්වයන් පිළිබඳ අදහස් දක්වන බස් මගීන් පිරිසක් පවසන්නේ හැටන් සිට ධාවනය වන සමහර ලංගම හා පෞද්ගලික බස් රථවල සවිකර ඇති කැසට් යන්ත්‍රවලින් අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.
මෙම තත්ත්වයන් මත සමහර අවස්ථාවලදී තමන් බසයෙන් බසින ස්ථානය දැන්වීමට බස් රථයේ බෙල් එක නාද කරන අවස්ථාවන් රියදුරුට නොඇසෙන බවත් තම ජංගම දුරකථනවලට ලැබෙන ඇමතුමකට හෝ නිසි ලෙස සම්බන්ධවීමට නොහැකි තත්ත්වයක් පවතින බවද එම පිරිස් පවසනවා.
මෙකී සමහර බස් රථවල මෙසේ අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීමෙන් ඇති වන අධික ශබ්ද දූෂණනය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බැවින් මෙම තත්ත්වයන් පිළිබඳ අදාළ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බවද එම පිරිස් වැඩිදුරටත් පවසනවා.