විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය චෝදනා කරනවා.
ඩකා හි පැවති මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් මේ බව පවසා තිබෙනවා.
ඔහු පවසන්නේ නිමාවූ 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තරග පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ඉන්දියාව අකමැති වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ඉල්ලීමට එම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන ගිය බවයි.
කෙසේ නමුත් තමන් එළැඹෙන 20 යි 20 ලෝක කුසලානයේ බංග්ලාදේශයේ තරග පමණක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රැගෙන යන්නැයි කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව ද බංග්ලාදේශ ක්‍රිකට් සභාපති පවසනවා.
එමෙන්ම ඉන්දියාව චැම්පියන්ස් කුසලානයේ තරග ඩුබායි හි එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වෙනම වරප්‍රසාදය ලබාගත් බවටද ඔහු චෝදනා කරනවා.











