අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේදී සජීවී විකාශන තිරය තුළ සත්කාරක පාකිස්තානයේ නම ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් පාකිස්තානය සිය අප්‍රසාදය පල කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇත්තේ.
තරගාවලියට අදාළ නිල ලාංඡනය රූපවාහිනී තිරයේ වම් පස ඉහළින් ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙතෙක් පැවැති අනෙකුත් තරගවලදී එම ලාංඡනය සදහා තරගාවලියේ නම ලෙසික්‍ය්පචiදබි ඔරදචයහ 2025’ ලෙසත්, සත්කාරක රට වන පාකිස්තානයේ නමත් ඇතුළත් කර තිබුණා.
කෙසේ වෙතත්, ඩුබායිහීදී පැවැති ඉන්දු-බංග්ලාදේශ තරගයේදී තරගාවලියේ නම පමණක් ඇතුළත් කර තිබූ අතර, නිල සත්කාරක රට වන පාකිස්තානයේ නම ඊට ඇතුළත්ව තිබුණේ නැහැ.
මේ සම්බන්ධයෙන් අයි.සී.සීය වෙත සිය අප්‍රසාදය පල කර ඇති පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත්තේ නැවත මෙවැන්නක් සිදු නොවන බවට සහතිකයක් තමන්ට අවශ්‍ය බවයි.
එය මුල් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවට අයි.සී.සීය නිල නොවන අන්දමින් පාකිස්තානය වෙත දැනුම් දී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
නමුත්, මෙම පැහැදිලි කිරීම ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අතෘප්තියට හේතු වී ඇති බව සදහන්.