හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 12 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියා සිටියේ.
මේ අතර බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නාවස පෙළක් නායයාමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.
එහිදී නිවාස පහක් නායයාමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ජේ.එම්. හේරත් මහතා කියා සිටියේ.
එම නිවාසවල සිටි පුද්ගලයින්ද අතුරුදන්ව ඇති අතර ඔවුන්ද මුදාගැනීම සඳහා එම ස්ථානයට ළඟාවීම දුෂ්කර වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියයේ.













