වියට්නාමයට බලපා ඇති කල්මේගි සුළි කුණාටුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වසරේ ලොව හටගත් ප්‍රබලතම සුළි කුණාටුව ලෙසයි කල්මේගි සුලිකුණාටුව සැලකෙන්නේ.
කල්මේගි සුළි කුණාටුව පසුගියදා පිලිපීනට ඇතුළු වූ අතර එහි බලපෑමෙන් එරට වැසියන් 114 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවා.
තවත් 127 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා වූයේ.
ඒ සමගම පිලිපීනයට ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.
පැයට කිලෝමීටර් 150 ට ආසන්න ප්‍රබලත්වයෙන් යුතු මෙම සුළි කුණාටුවෙන් වියට්නාමයේ සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය සතිය තුළදී වියට්නාමයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමග පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි වූවා.
කෙසේ වුව ද කල්මේගි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවන්නට සහන කටයුතු සඳහා දෙලක්ෂ හැට දහසකට අධික එරට ආරක්ෂක අංශ සාමාජිකයින් යෙදවීමටයි රජය පියවර ගෙන ඇත්තේ.












