වීදි ගණිකා සේවයේ යොදුණු සැකකාරියන් 9 දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ(10) රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් බලප්‍රදේශයේ දෙහිවල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදීයි.
ගල්කිස්ස කොට්ඨාස අරපාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී වීදි ගණිකා සේවයේ යෙදුණු සැකකාරියන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් භාරදී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 51ත් අතර වයස්වල පසුවන රත්මලාන, මහරගම, දෙහිවල සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.