ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ ගාසා තීරයේ කාර්යයේ නියුතු වෛද්‍ය වරයකුගේ දරුවන් 09 දෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ කුඩා දරුවන් සංහාරය කිරීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනා ඊශ්‍රායලය ප්‍රතිස්ශේප කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ කිසි සේත් ඊශ්‍රායල හමුදාව හමාස් සටන් කාමීන් හැර කුඩා දරුවන් හෝ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදු නොකරන බවයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවන් විනාශ වූ ගාසා ගොඩනැගිලි සුන් බුන් තුල පිලිස්සී ගිය කුඩා දරුවන්ගේ සිරුරු පවතින බවට මේ වන විට අණාවරනය වී ඇති බවයි.
උණුසුම් පුවත්
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
- අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
- මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි














