හැටන් මස්කෙළීය ශ්‍රීපාද මාර්ගයේ නෝර්වුඩ් වතු අධිකාරිවරයාගේ නිළ නිවසට පිවිසෙන මාර්ගයේ සිට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරිය යටතේ පාලනය වන ද්‍රව්‍යරසායනාගාරය දක්වා මාර්ගයට ඉහළින් වසර 100 කට වඩා පැරණි මාර සහ මැයි මාර ගස් කිහිපයක් කඩා වැටීමේ දැඩි අවධානමක් පවතින බව එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් මෙන්ම රියදුරන්ද පවසනවා.
තවද එම මාර්ගයේ දිවා රාත්‍රි දෙකේ රථවාහාන ගණනාවක් ධාවනය වන බවත්, නෝර්වුඩ් නිව්වැලිවත්ත පාසලට ළමුන් ප්‍රධාන මාර්ගය දිගේ පයින් ගමන් කරන බවත්, එබැවින් අවධානම් සහිත ගස් කඩිනමින් කපා ඉවත් කිරිමට වග කිය යුතු නිළධාරින් කටයුතු කල යුතු බවයි එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ වතුකම්කරුවන් සහ රියදුරන් කියා සිටින්නේ.
කාසල්රි ජලාශයට යාබදවම එම මාර්ගය පිහිටා ඇති නිසා දැඩි සුළං තත්වයක් පැවතීම හේතුවෙන් මිට ප්‍රථම අවස්ථා කිහිපයකදී එම ස්ථානයේදි රූස්ස මාර ගස් සහ මැයි මාර ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වූවා.
මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් මතට එම අවධානම් සහිත ගසක් හෝ ගසේ අත්තක් කඩා වැටීමට ප්‍රථම එම ගස් කපා ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසයි එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් රියදුරන් සහ වතු කම්කරුවන් ඉල්ලා සිටින්නේ.