කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
අද අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුනේ..
එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නැහැ.
අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










