ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම බලා පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.
අනතුරෙන් එහි ගමන්ගත් ධීවරයින් තිදෙනා දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අනතුරට පත් අදාළ යාත්‍රාව ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් සමගින් මුහුද මැද පාවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ පානදුර උයන්කැලේ ප්‍රදේශයෙන් මුහුදු ගිය කේ.එල්.ටී. 1136 නමැති බෝට්ටුව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
එම බෝට්ටුවෙන් මුහුදු ගොස් ඇත්තේ පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් බවයි පොලිසිය කියා සිටියේ.
ධීවරයින් තිදෙනා අද අලුයම් කාලයේදී ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් ආපසු පැමිණෙමින් සිටියදී රළ පහරට හසුවීමෙන් බෝට්ටුව පෙරලී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ධීවරයින් තිදෙනා බෝට්ටුව අතහැර කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි වෙරළට පිහිනා පැමිණ තිබෙනවා.
ධීවර බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබෙන ආකාරයද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.