විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් පසුගිය මස 21 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබූ පසුබිමකයි.
පසුව ඔවුන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව නතර කර දැමුණු අතර, එහිදී එකග වූ කරුණු ලිඛිතව ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දු වී තිබුණා.