හිටපු ඉඩම් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණයවිසින් බරපතල වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද(25) නියම කර තිබෙනවා.
ඒ තඹුත්තේගම මහවැනි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකටයි.
එහිදී අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට ඔහු අල්ලස් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.