ටිබෙටය ආශ්‍රිතව භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
හදිසි ප්‍රතිචාර සේවා කණ්ඩායම් යෙදවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේදී ටිබෙටයේ ටින්ග්‍රි ප්‍රදේශයට බලපෑ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 120 දෙනෙකුට අධික පිරිසකට දිවි අහිමි වුණා.