අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අදාළ කාලය දීර්ඝ කර තියෙනවා.
අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ එළැඹෙන 28 වනදා සිට 30 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත් ලබාදීමටයි.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.