කතරගම පෙරහැරට සමගාමීව එම නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මුල් කර ගනිමින්. මෙම ව්‍යාපෘතිය ජූලි මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මෙම වැඩසටහන සදහා පාසල් සිසුන් සහ ස්වේච්ඡා සංගම්වල දායකත්වය ලබා ගැනීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලය, කිරි වෙහෙර පුදබිම, සෙල්ල කතරගම සහ වැඩසිටි කන්ද මුල් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ පළමු පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුභ මෙහොතින් වීථි සංචාරය කරනු ලැබුවා. පෙරහැර මංගල්ලයේ දෙවන පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අධිකරණ තීන්දුවට පෙර කිව්ව යූ ටියුබ්කරු ගැන පරීක්ෂණයක් පවත්වන්න
- PHOTOS : බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
- දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියටම බිළි
- කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- ලෝක ළමා ආරක්ෂණ දිනය නිමිත්තෙන් පා ගමනක් සහ වීදි නාට්‍යයක්
- හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම ගැන මාලිමා මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
- කාලගුණයෙන් නිවේදනයක්
- බොරලැස්ගමුවේ වෙඩි තැබීම ගැන නවතම තොරතුරු අනාවරණයක්