හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර තිබෙන බව සදහන්.
අද සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කලේ.