වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සිදු වන අවස්ථාවේ මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබෙනවා.
මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව සිට ඇති බව සඳහන් වනවා.