යුක්රේනය සමග පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉදිරි පැය 24 තුළ දුරකථන සංවාදයක නියැලෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු ජනාධිපතිවරයා සමග ”‘ලේ වැගිරීම‘ නැවැත්වීම පිළිබද සාකච්ඡා කරනු ලබන බවත් පසුව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ඇතැම් නේටෝ රටවල නායකයින් සමඟ ද කතාබහ කිරීමට සූදානම් බවයි.
එසේම, මෙම සාකච්ඡාව ඵලදායි වනු ඇති බවට බලපොරොත්තු වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.