හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබෙනවා.
දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බවයි පවුලේ ඥාතීන් සදහන් කලේ.
මේවනවිටත් මාලනි ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට පැමිණෙමින් සිටිනවා .