
අධික වියළි කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන වාරි ජලාශ නවයෙහි ජල මට්ටම අද වනවිට 21.5% දක්වා පහළ බැස ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ජලාශ හතරෙහි ජලමට්ටමද 25.3% දක්වා පහළබැස ඇති බවයි දැක්වෙන්නේ. පවතින අධික වියළි කාලගුණයෙන් තවදුරටත් දිස්ත්‍රික්ක ගණනාවක ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. එවන් පසුබිමක පොළොන්නරුව සහ මොනරාගල ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැළී තිබුණේ වියළි කාලගුණයට මද අස්වැසිල්ලක් සපයමින්. කෙසේවෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශවලට පස්වරුවේ යම් තරමක වැසි ලැබුණද අධික උණුසුම් කාලගුණය ඉදිරි සතියේත් එලෙසම පවතිනු ඇති බවයි.
මේ අතර, පවතින අධික වියලි කාලගුණය දිවයිනේ දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. එමෙන්ම පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමනිලධාරී වසම් 48ක නළලිං අලුත්වැඩියා කිරීදීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.














