යුක්‍රේන – රුසියානු යුද ගැටුම් පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සදහා ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟ වී තිබෙනවා.
එම එකඟතාව පළ කර ඇත්තේ නායකයින් දෙදෙනා අතර ඊයේ පැවති දුරකතන සංවාදයකදියි.
රුසියා – යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම මෙම සමුළුවේ අරමුණ බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ.
එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළුව දෙරටේ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ලබන සතියේ හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.
එහිදී නායකයින් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට ද එකඟ වී තිබෙනවා.