මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි මහ පෙරහැර ලබන අගෝස්තු මස 8 වැනිදා, නිකිණි පුන් පොහොය දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
දියවඩන නිලමේවරයා පැවසුවේ කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වැනිදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බවයි.
සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25 වනදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවද දියවඩන නිළමේවරයා සඳහන් කලා.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඒ බව පැවසුවේ මහනුවර ඇසළ මංගල්‍යය පිළිබඳ දැනුම්දීම සඳහා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති සාකච්ඡාවේදීයි.