මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් වී තිබෙනවා. අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 3 ට 0 ක් ලෙස පහසුවෙන් පරාජය කර ඔවුන් ශුරතාව දිනා ගනු ලැබුවා. චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා අතරටද එක් වනවා. කෙසේ වෙතත් අවසන් මහා තරගය නිව්යෝර්ක් හි මෙට් ලයිෆ් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද අලුයම අවසන් වුණා. මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයින් සදහා පිරි නැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමටද අවස්ථාව උදා වීම විශේෂත්වයක්. එමෙන්ම ඔවුන් මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා එක් එක් අදියර ජය ගැනීමේ දීද අමෙරිකානු ඩොලර් මිලියන 89 යි දශම පහක ත්‍යාග මුදලකට හිමිකම් කීමට සමත් වුණා. මේ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 129 යි දශම පහක දැවැන්ත මුදල් ත්‍යාගයකට හිමිකම්කීමට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දිනූ මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 38 කට අධික බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














