මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් වී තිබෙනවා. අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 3 ට 0 ක් ලෙස පහසුවෙන් පරාජය කර ඔවුන් ශුරතාව දිනා ගනු ලැබුවා. චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා අතරටද එක් වනවා. කෙසේ වෙතත් අවසන් මහා තරගය නිව්යෝර්ක් හි මෙට් ලයිෆ් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද අලුයම අවසන් වුණා. මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයින් සදහා පිරි නැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමටද අවස්ථාව උදා වීම විශේෂත්වයක්. එමෙන්ම ඔවුන් මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා එක් එක් අදියර ජය ගැනීමේ දීද අමෙරිකානු ඩොලර් මිලියන 89 යි දශම පහක ත්‍යාග මුදලකට හිමිකම් කීමට සමත් වුණා. මේ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 129 යි දශම පහක දැවැන්ත මුදල් ත්‍යාගයකට හිමිකම්කීමට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දිනූ මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 38 කට අධික බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
- ඖෂධ වර්ග රැසක මිල අඩු කෙරේ
- රෂීඩ් ඛාන්ගේ දෙවන විවාහය හෙළිවී සමාජ ජාලයන් උණුසුම් වෙයි
- ඉල්ලීම් මුල් කර ගනිමින් හෙට සත්‍යග්‍රහයක්
- පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීමට සැලසුම්
- ”රටම එකට” මෙහෙයුම යටතේ සැකකරුවන් පුද්ගලයින් 16,738ක් අත්අඩංගුවට
- සේවා නියුක්ති කාර්යාංශට වසර 40ක් සපිරෙයි
- ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට













