කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.
අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.
අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ මෙවැනි පියවරක් හරහා සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමනු ඇති බවයි.
ජම්මු සහ කාශ්මීරයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කලා.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙතරම් සංවේදී කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීමට පෙර එහි බරපතළකම සොයාබැලිය යුතුව තිබූ බවයි.