වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා.
ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.