කළුතර උතුර පොලිස් වසමේ ෆොන්සේකා පාර ප්‍රදේශයේදී ඊයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 110 මිලිග්‍රෑම් 17 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 මිලිග්‍රෑම් 47 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 750,000/= ක් සන්තකයේ තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදි මොහු ez cash ක්‍රමය උපයෝගී කරගගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී තිබෙනවා.