විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැණුනා.
කටුනායක ගුවන්තොටුපළේ හරිත මාර්ගය ඔස්සේ මෙම ගුවන් මගියා පිටව යාමට උත්සහ දරා තිබුණා.
එහිදී කළ පරීක්ෂා කිරිමක දී ඔහු ළග තිබි විදේශීය දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි ආරෝපණය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් තොගයක් සොයා ගැණුනා.
ඔහු සතුව තිබු ගමන් මලු තුනක මේවා තිබී ඇති අතර මැන්චෙස්ටර් , ප්ලැටිනම් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි 40660ක් සහ රසායනික ද්‍රව්‍ය ඇසුරුම් 33ක් ද සොයා ගෙන තිබෙනවා.