ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම මස 30 වන දිනට හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම් දී තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.
නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම නිවේදනයේ සදහන්.
මේ පිළිබදව වැඩිදුර තොරතුරු 1944 අංකයෙන් හෝ අඅඅගසරාගටදඩගකන යන වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකියි.












