
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද චෙස්ටර් ලී ස්ටී්‍රට්හිදී ආරම්භ වීමට නියමිතයි. දිවා රාත්‍රී තරගයක් වන මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වන බව සඳහන්.
දෙපිල අතර පැවති තරග 3කින් සමන්විත 20 – 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ පරාජයකින් පසුවයි ශ්‍රී ලංකා පිල අද පිටියට පිවිසෙන්නේ.














