යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා.
ඒ, ලබන 9 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඔහු මෙතෙක් යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කරනු ලැබුවා.
මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක්.
මාතලේ ප්‍රදේශයේදී උපත ලද මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු 1989 දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්වුණා.