දේශ සීමා ගැටුමෙන් අනතුරුව තායිලන්තය තුළ මතුව ඇති උග්‍ර ශ්‍රමික හිඟය හේතුවෙන්, විදෙස් රටවල ශ්‍රමිකයන්ට එරට රැකියා අවස්ථා උදා කර දීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000කට ද එරට රැකියා සඳහා අවස්ථාව උදා කර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සේවකයින්ට ද තායිලන්තයේ රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත පරිපාලනය සැලසුම් කර තිබෙනවා.