අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මිය ගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් විසි හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ද වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. මේ අතර අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය ද අනතුරු අඟවා තිබෙනවා. නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීම හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බවද සඳහන්. ජීවිත හානි වැඩිවීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද? යන්න පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
උණුසුම් පුවත්
- හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
- රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
- පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි
- ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
- ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !













